2021 වසරේ පැවති අරගලයේ දී ජනාධිපති මන්දිරයේදී තිබී අරගල කරුවන් විසින් සොයාගත් රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂය ඉක්මවූ මුදල හමු වූ ආකාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ කරුණු වාර්තා කර ඇත.

ඔහු සඳහන් කර ඇත්තේ එම මුදල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ව්‍යාපාරික අරමුදලෙන් දෙන ලද්දක් බවයි.

මේ බව හිටපු ජනාධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා දෙවන ප්‍රකාශයක් මගින් දැනුම් දී තිබේ.

අදාල මුදල අරගලකරුවන් විසින් විනාශ කළ දේපොළ යථා තත්ත්වයට පත් කිරීමට භාවිතා කිරීමට නියමිතව තිබූ බවත් ඔහු තවදුරටත් සඳහන් කර ඇත.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page