ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නව සභාපති ලෙස රියාස් මියුලර් පත්කර තිබේ.
අද පෙරවරුවේ රැස්වූ ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමකදී එම තීරණය ගෙන ඇත.
ශ්‍රී ලංකා ටෙලිකොම් පනතට අනුකුලව අධ්‍යක්ෂ මණ්ඩලය වෙත හදිසියේ ඉදිරිපත් කළ යෝජනාවක් ලෙස එම යෝජනාව සම්මතකරගෙන තිබේ.
KPMG හි මෙරට ප්‍රධානියා ලෙස රියාස් මියුලර් කටයුතු කරන අතර ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත්කරනු ලැබුවේ ජනාධිපතිවරයා විසිනි.
