ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2023 ජූලි මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද.) සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය අද දින (31) ප්‍රකාශයට පත්කර ඇත .
ඒ අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2023 ජූලි මාසය වන විට සියයට 6.3 ක් දක්වා පහත වැටී ඇත. එය 2023 ජුනි මාසය සඳහා සියයට 12.0 ක් ලෙස වාර්තා වී තිබුණි.
2023 ජූලි මාසයයේ දී ආහාර උද්ධමනය සියයට -1.4 දක්වා පහත වැටී ඇති අතර 2023 ජුනි මාසයේ දී එය වාර්තා වුයේ සියයට 4.1 ක් ලෙසයි.
එමෙන්ම, ජූලි මාසය සදහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය සියයට 10.5 ක් දක්වා පහත වැටී ඇති අතර එය 2023 ජුනි මාසයේ දී සියයට 16.2 ක් ලෙස වාර්තා විය.
