දුෂණ චෝදනාවකට අදාළව පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් හට වසර 3ක සිර දඩුවමක් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි

ඉස්ලාමාබාද් අධිකරණයක් විසින් මෙම දඩුවම නියම කර ඇති බවත් අධිකරණ නියෝගයට අනුව ඉම්රාන් ඛාන්ට සක්‍රීය දේශපාලනයේ නිරත වීමට ද වසර 05 කට අත්හිටුවා ඇත.

70 හැවිරිදි ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කළ සමයේ, විදෙස් රටවල නියෝජිතයන්ගෙන් ලද වටිනා ත්‍යාග නීති විරෝධීව අලෙවි කළ බව කියන චෝදනාවකට අදාළව මෙම දඩුවම නියම වී තිබේ.

ඉම්රාන් ඛාන් විසින් එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබු අතර, අධිකරණ නියෝගයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට ද සැලසුම් කර ඇති බව සඳහන් වේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page