2023 වසරේ සැප්තැම්බර් මස 6 වන දින දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 927,214 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කර සිටිනවා.
2023 සැප්තැම්බර් මුල් දින 06 තුළ පමණක් සංචාරකයින් 22,896 පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර අගෝස්තු මාසයේ දී සංචාරකයින් 136,405 ක පිරිසක් මෙරටට පැමිණ තිබුණා .
සැප්තැම්බර් මුල් දින 06 තුළ පැමිණි සංචාරකයින්ගෙන් සියයට 27 ක්ම ඉන්දියානු සංචාරකයින් ලෙසින් සටහන් වන අතර එම ප්‍රමාණය 6,188 කි.
