ආණ්ඩුව මංකොල්ලකාරයන් මෙන් කටයුතු කරමින්, රටට බොරු පොරොන්දු ලබාදී ජනතාව රවට්ටන බව සර්වජන බලයේ මහ ලේකම් රන්ජන් සෙනෙවිරත්න මහතා චෝදනා කර සිටියා.
ජනතාවගේ අවශ්‍යතාවලට රජය කිසිදු සංවේදීභාවයක් නොදක්වන බවත්, ඉන්ධන මිල අඩු කිරීමට පියවර ගෙන නොමැති බැවින් ගොවීන් ඇතුළු සමස්ත ජනතාව තවදුරටත් දැඩි ආර්ථික පීඩනයකට මුහුණ දෙන බවත් ඔහු සඳහන් කළා
ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව මේ වනවිට ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබියදී, එහි වගකීම භාරගන්නේ කවුරුන්දැයි රජයෙන් ප්‍රශ්න කරන බවද ඔහු ප්‍රකාශ කලා..
“Clean Sri Lanka” නමින් විශාල වැඩසටහනක් ක්‍රියාත්මක කළ බවත්, ඒ සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කර වෙනම අරමුදලක් පිහිටුවා මුදල් රැස් කළ බවත්, අයවැයෙන් ද රුපියල් බිලියන 5ක් වෙන් කළ බවත් ඔහු සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, නගරාධිපතිවරුන් ඇතුළු පිරිස් ඉදල් සහ කුණු බඳුන් රැගෙන පිරිසිදු කිරීමේ වැඩසටහන්වල නිරත වුවද, ඒවා ප්‍රායෝගික ප්‍රතිඵල ලබා නොදුන් මාධ්‍ය සංදර්ශන පමණක් වූ බවද ඔහු පැවසීය.
එහෙත් ඩෙංගු ව්‍යාප්තිය පාලනය කර ගැනීමට රජය අසමත් වී ඇති බවද ඔහු චෝදනා කළේය.
ඩෙංගු හේතුවෙන් පුද්ගලයන් මිය යන තත්ත්වයක් උද්ගත වී ඇති අතර, රෝගීන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන බැවින් ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම රජය භාරගත යුතු බවද ඔහු අවධාරණය කළේය.
තවද, “Clean Sri Lanka” වැඩසටහන සියයට සියයක්ම අසාර්ථක වී ඇති බවත්, ආණ්ඩුව ක්‍රියාත්මක කළ විවිධ සංගණන සහ වැඩසටහන් කිසිවක් අපේක්ෂිත ප්‍රතිඵල අත්කර නොදුන් බවත් ඔහු චෝදනා කළේය.
රිලා සංගණනය පවා සිදු කළද එහි ප්‍රතිඵලයක් ජනතාවට දක්නට නොලැබුණු බවද ඔහු සඳහන් කළේය.
එසේම, ලාල් කාන්ත මහතාගේ වත්කම් සම්බන්ධයෙන් ජනතාවට දැනගැනීමේ අයිතියක් ඇති බැවින් ඒ පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධ කළ යුතු බවද ඔහු ප්‍රකාශ කළේය.
රජයට සරල කාර්යයක් පවා නිසි ලෙස ඉටු කරගැනීමට නොහැකි වී ඇති අතර, එවැනි අසාර්ථකත්වයන් හේතුවෙන් මහජන මුදල් විශාල වශයෙන් නාස්ති වන බවද රන්ජන් සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
