මෙරටින් වාර්තාවන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව සීඝ්රයෙන් ඉහළ යමින් පවතින අතර මේ වන විට එය 50,000 සීමාවට ආසන්න වෙමින් පවති.
ජනවාරි මාසයේ සිට අද දක්වා මෙරටින් ඩෙංගු රෝගීන් වාර්තා වීමදිනෙන් දින ඉහළ යන බව ඩෙංගු මර්ධන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂක වෛද්‍ය කපිල කන්නංගර මහතා සඳහන් කරයි..
දෛනිකව මේවනවිට ඩෙංගු රොගීන් 600ත් 650ත් අතර සංඛ්‍යාවක් වාර්තා වන බවද වැඩබලන අධ්‍යක්ෂකවරයා සඳහන් කල අතර ජූනි මාසයේ පළමුවනදා සිට මේ දක්වා කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 12,196 දෙනෙකු වාර්තා වී ඇති බව සඳහන් කරයි .
එය මාසයක් තුළ වාර්තා වූ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව වන අතර පළාත් අනුව සසදා බැලීමේදී ,බස්නාහිර පළාතෙන් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවද සඳහන් කරන ලදි.. .
මේ අතර, දකුණු පළාතෙන් 16.16%ක්, සබරගමුව පළාතෙන් 9.35%ක්, මධ්‍යම පළාතෙන් 7.23%ක් සහ නැගෙනහිර පළාතෙන් 5.05%ක් ලෙස ඩෙංගු රෝගීන් වාර්තා වන බවද ඩෙංගු මර්ධන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂක වෛද්‍ය කපිල කන්නංගර වැඩිදුරටත් සඳහන් කර සිටියා
