පාස්කු ප්‍රහාරයෙන් පසු ගෝඨාභය රාජපක්ෂ රටේ ජනාධිපති වන බව සහරාන්ලා දන්නවා නම් සහරාන්ලා මැරෙන්නේ ගෝඨාභය රාජපක්ෂව බදාගෙන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති පවසයි .
සුනිල් හදුන්නෙත්ති මේ බව කියා සිටියේ කියා සිටියේ EPF/ETF ජනතා අරමුදල් මංකොල්ල කමින් , මුල්‍ය ආයතන අවධානමේ දමමින් , ජාතික සම්පත් වෙන්දේසි කරමින් , ජනතාවට තවදුරටත් අර්බුධයක ගිල්වා තබන ආණ්ඩුවේ සැලැස්ම යන මැයෙන් ගිනිගත්හේන සමුපකාර රැස්විම් ශාලාවේ පැවති සම්මන්ත්‍රණයේදීය.
එහිදී අදහස් දැක් වු සුනිල් හදුන්නෙත්ති වැඩිදුරටත් කියා සිටියේ..
නාමල් රාජපක්ෂට ජනතාවගේ ප්‍රශ්න ගැටළුවක් නැ , සජිත් ප්‍රේමදාසට ප්‍රශ්නයක් නැ , පාර්ලිමේන්තුවේ ඉන්න අපේ ජාතික ජන බලවේගයේ තුන්දෙනාට ඇරෙන්න කාටවත් ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් ප්‍රශ්න ගැන අවබෝධයක් නෑ.
රටේ ආර්ථිකය , ආහාර ගැටළු , ඖෂධ ගැටළු ඒවා ගැන වගකීමෙන් ජාතික ජන බලවේගය පමනයි කතා කරන්නේ.
ජාතික සම්පත් වෙන්දේසි කරමින්,ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදුකරන ආර්ථික මංකොල්ලකෑම් පිළිබඳව , ජනතාව තවදුරටත් අර්බුදයක ගිල්වා තබන ආණ්ඩුවේ සැලසුම් පිළිබඳ ව ඔහු වැඩිදුරටත් අදහස් දැක්විය.
නුවරඑළිය දිස්ත්‍රික් ජාතික විද්වත් සංවිධානය විසින් මෙම සම්මන්ත්‍රණය සංවිධානය කෙරුණි


