චීනයේ හැන්ග්ෂු හිදී පැවැති ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් අවසන් මහා තරගයේන් ශ්‍රී ලංකාව පරදා ලකුණු 19 කින් ජයග්‍රහණය කිරීමට ඉන්දියාව සමත් විය.
එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම කඩුළු 07ක් දැවී ලකුණු 116 ක් ලබා ගත් අතර
මන්දනා ලකුණු 46 ක්ද ජෙමීමා ලකුණු 42 ක්ද ලබා ගන්නා ලදි .
පන්දු යැවීමෙන් උදේෂිකා, සුගන්ධිකා සහ ඉනෝකා කඩුළු 02 බැගින් බිඳ හෙලන ලදී.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ශ්‍රී ලංකා ක්‍රීවිකාවන්ට ලබා ගත හැති වූයේ කඩුළු 07 ක් දැවී ලකුණු 97 ක් පමණි.
ඒ අනුව ඉන්දියාව ලකුණු 19ක ජයක් ලබා එහි රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර ශ්‍රී ලංකාවට රිදී පදක්කම හිමිවිය.
