ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ඒරෙහිව විභාග වු නඩුවේන් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට සිඩ්නි ඩවුනින්ග් සෙන්ටර් අධිකරණයේ විනිසුරුවරිය නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් නියෝග කළේය.

සමීප ඇසුරක් පවත්වන අවස්ථාවේ කාන්තාව නොදැනුවත්ව ආරක්‍ෂිත ක්‍රම ඉවත් කිරීමට ධනුෂ්ක ගුණතිලකට අවස්ථාවක් නොතිබුණ බවට ඉදිරිපත් වූ සාක්ෂි වලින් පෙනී ගිය බව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ඇය පවසා සිටියා.

සී.සී.ටීවී දර්ශනවල පැමිණිලිකාරිය සහ ධනුෂ්ක සැහැල්ලුවෙන් සහ සතුටෙන් සිටින ආකරයක් පෙනෙන්නට තිබෙන බවත් පොලිසියට සාක්ෂි ලබා දීමේදී ධනුෂ්ක ගුණතිලක සත්‍ය පවසා ඇති බවද විනිසුරුතුමිය ප්‍රකාශ කර තිබේ.

පැමිණිලිකාරිය බුද්ධිමත් තැනැත්තියක් බවත් බොරු සාක්ෂි ලබා දීමට සිතාමතා උත්සාහ කරන ලද තැනැත්තියක් බවට පෙනෙන්ට නොතිබූ නමුත් විත්ත්කරුට අවාසිදායක තත්ත්වයක් ඇති කිරීම සඳහා සාක්ෂි ලබා දෙන බවට පෙනෙන්නට තිබූ අවස්ථා කිහිපයක් තිබූ බව විනිසුරු සාරා හගට් මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කරා.

නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීමෙන් අනතුරුව ධනුෂ්ක ගුණතිලක මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ නඩු තීන්දුවෙන් සියල්ල පැහැදිලි බවත් තමන් නැවත ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වීමට හා තමන්ගේ කීර්තිනාමය නැවත ගොඩ නගා ගැනීමට නොඉවසිල්ලෙන් පසුවන බවයි.

පසුගිය මාස 11 ක කාලය ඉතාමත් දුෂ්කර වූ බවත් තමන්ගේ නීතිඥයින්ට, කළමනාකරුට, දෙමාපියන්ට සහ අනෙක් අයට ස්තුතිවන්ත වන බවත් ධනුෂ්ක ගුණතිලක පවසා ඇත.

සැවොම තමාව විශ්වාස කළ බවත් එය තමන්ට ගොඩක් වටිනා බවත් ධනුෂ්ක ගුණතිලක ප්‍රකාශ කර තිබේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page