ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CEYPETCO) සහ සීමාසහිත ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත (CPSTL) හි නව සභාපතිවරයා ලෙස සාලිය වික්‍රමසූරිය මහතා පත්කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

CEYPETCO හි කළමනාකාර අධ්‍යක්ෂ දර්ශන රත්නායක මහතා CPSTL හි කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙසද පත් කර ඇත.

අමාත්‍යවරයා විසින් සිය නිල X ගිණුමෙන් නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ මෙම පත්වීම් අද (05) සිට ක්‍රියාත්මක වන බවයි.

තවද සාලිය වික්‍රමසූරිය මහතා, ඛනිජ තෙල් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරන අතර කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ සාමාජිකයකු ද වේ.

ඒ අනුව CEYLON PETROLEUM CORPC (CPC) සහ CEYLON PETROLEUM Storage Terminals LTD (CPSTL) හි සභාපතිවරයා ලෙස සාලිය වික්‍රමසූරිය මහතා අද සිට පත් කර ඇත.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page