හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර ගැටුම් උග්‍රවීම වැළැක්වීමේ අරමුණින් ඒ පිළිබඳව සාකච්ඡා සිදු කිරීමට අමරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මහතා ඊශ්‍රායලය වෙත පැමිණෙයි.
ඇන්ටනි බ්ලින්කන් මහතා පසුගිය දින කිහිපය තුලදී කටාර් රාජ්‍යට ජෝර්දානයට , බහරේනයට , එක්සත් අරාබි එමීර් රාජ්‍යයට, සෞදි අරාබිය සහ ඊජිප්තුව යන රාජ්‍යන් වල සංචාරය කිරීමෙන් අනතුරුව ඊශ්‍රායලය වෙත පැමිණ තිබේ.
විදෙස් මාධ්‍ය සඳහන් කරන පරිදි මේ වන විට ගාසා තීරයේ පවතින යුදමය තත්ත්වය හමුවේ ගොඩබිමින් සහ ගුවනින් ගාසා තීරයට දැඩි ප්‍රහාරයක් සිදුකිරීමට ඊශ්‍රායලය සැලසුම් කර ඇති පසුබිමක අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් එරටට පැමිණීම විශේෂත්වයක් බවයි
