ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 14 වැනි තරඟය ලෙස අද (16) පැවති තරඟයේදී ශ්‍රී ලංකාව පරදා ඕස්ට්‍රේලියානු පිල කඩුලු 5 කින් ජයග්‍රහණය කර ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ දක්වා සහභාගි වූ තරඟ තුනම පරාජයට පත්වු අතර ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලියේ ලැබූ පළමු ජයග්‍රහණය මෙය වේ.

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 43.3 කදී සියලු දෙනා දැවී ලකුණු 209 ලබා ගැනීමට සමත් විය .පැතුම් නිස්සංක 61, කුසල් පෙරේරා 78, චරිත් අසලංක 25, මිචෙල් ස්ටාක් 43/2, පැට් කමින්ස් 32/2, ඇඩම් සම්පා 47/4

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දු වාර 35.2 කදී කඩුලු 5 ක් පමණක් දැවී ලකුණු 215 ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කිරීමට සමත් විය .මිචෙල් මාෂ් 52, මානස් ලැබුෂේන් 40, ජෝෂ් ඉන්ලිස් 58, ග්ලේන් මැක්ස්වෙල් නොදැවී 31, මාකස් ස්ටොනිස් නොදැවී 20, ඩිල්ෂාන් මධුසංඛ 38/3

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page