Dutch Lanka Trailer Manufacturers Limited හි සියයට 100 ක පූර්ණ කොටස් හිමිකාරීත්වය යුනයිටඩ් මෝටර්ස් ලංකා පීඑල්සී විසින් අද දින මිල දී ගෙන තිබේ.
රුපියල් මිලියන 700 ක මුදලකට මෙම සමාගම් අත්පත් කර ගත් අතර ලැයිස්තුගත සමාගමක් වන යුනයිටඩ් මෝටර්ස් ලංකා පීඑල්සී, මේ බව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී ඇති බව වාර්තා කරයි .
අදාළ නිවේදනයේ සඳහන් වන පරිදි TRF Singapore Pte සමඟ මෙම කොටස් හුවමාරු ගිවිසුමට එළඹ ඇති අතර, ඒ අනුව එම සමාගමට අයත්ව තිබූ Dutch Lanka Trailer Manufacturers Limited හි සම්පූර්ණ අයිතිය, යුනයිටඩ් මෝටර්ස් ලංකා සමාගම සතු වනු ඇත.
දේශීය සහ අපනයන වෙළෙඳපොළ වෙත ට්‍රේලර් නිෂ්පාදනය කරනු ලබන සමාගමක් වන Dutch Lanka Trailer Manufacturers Limited, 1992 වසරේ දී සංස්ථාපිත කරනු ලැබූ ආයෝජන මණ්ඩල ලියාපදිංචි සමාගමකි.
