ලෝකයේ රටවල් වල රස්තියාදු ගැහුවාට රටේ විදේශ ණය වලින් එක ඩොලර් එකක් වත් තවම කපා ගෙන නැතැයි ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ෂී ජින් පිං එක්ක පොටෝ එකේ මැද හිටගෙන හිටියාට ණය සතයක්වත් කපා ගන්නට නොහැකි වී ඇතැයි ද හේරත් මහතා සඳහන් කළේය.

අදට වඩා හෙට හොඳයි කියා හැමදාම කයිවාරු ගහන බව කී විජිත හේරත් මහතා අවුරුදු එකහමාරක් තිස්සේ වෙච්ච දෙයක් නැතැයි කීය.

මීට වසරකට කලින් ජනතාව ජීවත් වූ විදිය සහ අද වියදම තුන් හතර ගුණයකින් වැඩි වී තිබෙන බව කී හේරත් මහතා රජයේ මෙන්ම පෞද්ගලික අංශ සේවකයන්ගේ ආදායම ශත පහකින්වත් වැඩි වී නැතැයි ද සඳහන් කළේය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page