ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශය සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් සිදු කළ මෙහෙයුමකදි හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 180 ග්‍රෑම් 800 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 31 ග්‍රෑම් 550 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ.
රුපියල් කෝටි 400 ට වඩා වටිනාකමකින් යුත් මෙම මත්ද්‍රව්‍ය තොගය දකුණු මුහුදේ ගාල්ලට නුදුරින් පිහිටි සැක කටයුතු බහුදින ධිවර යාත්‍රාවක තිබී අත්අඩංගුට ගෙන ඇත.
ජයශාන් 1 නැමති බහු දින ධීවර යාත්‍රාවේ සිටි සැකකරුවන් පස් දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.


