ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය ආර්ථික තිරසරභාවය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව තුළ ඇති වනු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ මත දැනට ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ තුළින් ඊට පසුබිම නිර්මාණය වෙමින් පවතින බවයි. මෙරට ආර්ථික වර්ධනය උදෙසා ආහාරපාන කර්මාන්තයේ දායකවත්වය මැයෙන් කොළඹ වාණිජ මණ්ඩලය සංවිධානය කළ සාකච්ඡාවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය. එහි දී කර්මාන්තරුවන් පවතින ආර්ථික අර්බුදය හමුවේ තමන් මුහුණ පා ඇති ගැටලු සම්බන්ධයෙන් සිය අදහස් පළ කළේ ය.

අමාත්‍යවරයා සඳහන් කළේ ශ්‍රී ලංකාව තව දුරටත් පසුවන්නේ අර්බුදයෙන් නැගී සිටීමේ මූලික අවස්ථාවේ බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබා දී ඇති නිර්දේශයන් යනු දශක ගණනාවක් රටට අවශ්‍යව තිබූ ප්‍රතිසංස්කරණ බව පෙන්වා දුන් සේමසිංහ මහතා කියා සිටියේ එමගින් ශ්‍රී ලංකාව යළිත් පැවැති ආකාරයේ ආර්ථික අර්බුදයකට මුහුණ නොදෙන තත්ත්වයට පත් වනු ඇති බවයි. විශේෂයෙන් ම දුෂණය අවම කිරීම, බදු ජාලය පුළුල් කිරීම සහ ඩිජිටල්කරණය සිදු කිරීම මගින් ව්‍යාපාර සඳහා විශ්වාසය ඉහළ නැංවීමක් බව සේමසිංහ මහතා පෙන්වා දුන්නේ ය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page