ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් ඉන්දිය රජය විසින් ඩොලර් මිලියන 15 ක මුදලක් ප්‍රදානයක් ලෙස ශ්‍රී ලංකාවට ලබා දෙන ලදී .

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය අතර කොළඹ ජනාධිපති මන්දිරයේ දී පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවේදී මෙම ප්‍රදානය සිදු කෙරුණු අතර අදාල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අදාළ ද්විපාර්ශ්වික ලේඛන හුවමාරු කර ගැනිණිමක් ද මෙහිදී සිදු විය .

ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ඇතුළු ඉන්දීය දූත පිරිස ද මෙම අවස්ථාවට සහභාගී වූ අතර විදේශ අමාත්‍ය අලි සබ්රි සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක යන අය සහභාගී විය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page