ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය කිරීම සඳහා නව අධිකාරියක් පිහිටුවීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
2023 යෞවන සමාජ ක්‍රීඩා උළෙල කෑගල්ල දිස්ත්‍රික් තරඟාවලියේ ප්‍රධාන ආරාධිතයෙකු ලෙස සහභාගී වූ අවස්ථාවේ දි මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටි.
මේ වන විට රට තුළ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන 11,000 ක් පමණ ක්‍රියාත්මක වන අතර ලියාපදිංචි ආයතන ඇත්තේ 05 ක් පමණක් බවත් ඔහු සදහන් කරයි .
