2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 39 වන තරගය ලෙස ඇෆ්ගනිස්තානය සහ ඔස්ට්‍රේලියාව අතර අද (07) පැවැති තරඟයෙන් කඩුලු 03 කින් ජයගැනීමට ඔස්ට්‍රේලියාව සමත්විය.

තරගයේ කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දිමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම තීරණය කළ අතර ඒ අනුව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 05 ක් දැවී ලකුණු 291ක් රැස් කිරීමට සමත්විය.(ඉබ්‍රහිම් සෙඩ්‍රන් නොදැවී පන්දු 143 කදි ලකුණු 129 ක් රැස්කර ඇත)

පිලිතුරු ඉනිම ක්‍රිඩා කල ඔස්ට්‍රේලියාව පන්දුවාර 46 යි පන්දු 05 ක් තුළ කඩුලු 07ක් දැවී ලකුණු 293 ක් ලබා සිය ජයග්‍රහණය වාර්තා කළේය.

මෙහිදී ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ග්ලෙන් මැක්ස්වෙල් පන්දු 128 ක් තුළ නොදැවී ලකුණු 201 ක් රැස් කරමින් අග්ෆනිස්තානයේ බලාපොරොත්තු සුන් කරමින් ඔස්ට්‍රේලියාවට නොසිතූ ජයග්‍රහණයක් කරා ගෙන යන ලදි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page