ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ශ්‍රී ලංකා සාමාජිකත්වය අහෝසි කිරීම තවදුරටත් ක්‍රියාත්මක කිරීමට එම කවුන්සිලය තීරණය කර ඇත.

මෙලෙස සාමාජිකත්වය අහෝසි වුවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සාමාන්‍ය පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කිරීමට අවසර හිමිවන අතර මෙරට ක්‍රිකට් ක්‍රීඩාව සිදුකරගෙන යාම සඳහා පාලනයකට යටත්ව අරමුදල් ලබාදීමට ද එහිදී තීරණය වීය.

කෙසේවෙතත් 2024 වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙරට නොපවත්වා දකුණු අප්‍රිකාවේ පවත්වන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද නිවේදනය කළේය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page