ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශගත වු ශ්‍රී ලාංකික විගමණික ශ්‍රමිකයන් සඳහා ” මනුසවි විගමනික ශ්‍රමික බහුකාර්ය ණය යෝජනා ක්‍රමය ” ජනගත කිරිම පෙරේදා (04) කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ දී ඇමැති මනුෂ නානායක්කාරගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

සමග ශ්‍රී ලංකා මහ බැංකුව ඒකාබද්ධව බලපත්‍රලාභි වාණිජ බැංකු හරහා ක්‍රියාත්මක කරන මනුසවි විගමනික ශ්‍රමික බහුකාර්ය ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරිම සදහා රුපියල් බිලියන 05ක මුදලක් වෙන්කර ඇත.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙනුවෙන් එහි සභාපති හිල්මි අසිස් හා ශ්‍රී ලංකා මහ බැංකුව වෙනුවෙන් එහි ප්‍රාදේශීය සංවර්ධන අධ්‍යක්ෂ සෙනරත් ධර්මවර්ධන යන අය අදාළ ණය යෝජනා ගිවිසුම් හුවමාරු කරගැනිම සිදු කරන ලදි.

මෙම පහසුකම ලබාගැනීම සඳහා තනිවම හෝ ඒකාබද්ධ විදේශ මුදල් ගිණුමක් (PFCA) හෝ ඉතිරි කිරීමේ ගිණුමක් (RSA) වාණිජ බැංකුවල පවත්වාගෙන යායුතු අතර, විදේශ ප්‍රේෂණ අදාළ ගිණුම වෙත ප්‍රේෂණය කර තිබිය යුතු අතර ඒය අවම වශයෙන් පසුගිය මාස තුන තුළ විය යුතු විය.

මෙම ණය මුදල ලබාගත හැකි අවස්ථා වන්නේ ව්‍යාපාර කටයුත්තක් ආරම්භ කිරීම හෝ පුළුල් කිරීම, නිවසක් මිලට ගැනීම, ඉදිකිරීම හෝ පුළුල් කිරීම, ඉඩමක් හෝ වාහනයක් මිලට ගැනීම, දරුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා හෝ වෙනත් ඵලදායි කටයුත්තක් සඳහා වේ.

ණය මුදලේ උපරිම සීමාව රුපියල් මිලියන 2 ක් වේ.

මේ සඳහා පසුගිය මාස 03 ක් ඇතුළත සිදුකරන ලද සාමාන්‍ය ප්‍රේෂණයන්හි (Average Remittances) 60% ක සීමාව මෙන් 36 ගුණයක් හෝ රුපියල් මිලියන 02න් අඩු අගය අදාළ කරගත යුතුවේ.

ණයලාභියාගෙන් අයකළ හැකි උපරිම පොලී අනුපාතය 08% ක් වන අතර උපරිම මාස 36 ක් දක්වා ණය පියවීම සඳහා කාල රාමුවක් ලබා දේ.

මේ සඳහා තනිවම හෝ ඒකාබද්ධව ණය අයදුම්පත් විදේශගත වීමට ප්‍රථම හෝ විදේශගතව සිටියදි අදාළ බැංකුව වෙත යොමුකල හැකිය.

අදාළ ණය අයදුම්කරු විසින් ඔහු ශ්‍රී ලංකාවේ නොමැති අවස්ථාවල ඔහු වෙනුවෙන් අදාළ ණය මුදල ලබා ගැනීම සඳහා ලඟම ඥාතියකු වෙත ඇටර්නි බලපත්‍රයක් මඟින් බලය පැවරිය හැකිය.

ශ්‍රී ලංකා රුපියල් මඟින් ණය ගෙවීම සිදුකිරිම සඳහා ඉඩ ලබාදී නොමැති අතර, විදේශ සේවා නියුක්තිය අවසන් කර ලංකාවට පැමිණි පසුව පමණක් අදාළ අවස්ථාව ලබා දී ඇති අතර රුපියල් මඟින් ණය පියවීම සිදුකරනු ලබන්නේ නම් වෙළඳපොළ පවත්නා පොළී අනුපාතයන් අදාළ කරගැනීම සිදුකරනු ලැබේ.

මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරිම සදහා රුපියල් බිලියන 05 ක මුදලක් හා දායකවන පහතින් දක්වා ඇති බැංකු සඳහා සියයට 4 ක වාර්ෂික පොළි අනුපාත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා ප්‍රතිමූල්‍යයන පහසුකම් ලබා දි ඇත.

· ලංකා බැංකුව
· මහජන බැංකුව
· කොමර්ෂල් බැංකුව
· හැටන් නැෂනල් බැංකුව
· සම්පත්බැංකුව
· සෙලාන්බැංකුව
· කාගිල්ස් බැංකුව
· DFCCබැංකුව
· ජාතික සංවර්ධන බැංකුව
· පෑන්ඒෂියා බැංකුව
· යූනියන් බැංකුව

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page