ශ්‍රී ලංකාවේ ඉන්දියානු නව මහකොමසාරිස්වරයා ලෙස පත්ව ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දිය මහකොමසාරිස් සන්තොෂ් ජා (H E. Santosh Jha) මහතා 22 දින පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්‍රපත්‍ර භාර දෙන ලදි.

සන්තොෂ් ජා මහතා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා ලෙස පත්වීමට ප්‍රථම 2020 ජූලි මාසයේ සිට 2023 දෙසැම්බර් මාසය දක්වා බ්‍රසල්ස්හි ඉන්දීය තානාපතිවරයා ලෙස සේවය කර ඇත.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මෙන්ම ඉන්දියාව සහ යුරෝපා සංගමය සමග නිදහස් වෙළඳ ගිවිසුම් ඇති කරගැනිම පිළිබඳ සාකච්ඡා කණ්ඩාම්වල සාමාජිකයෙකු ලෙස ද සන්තෝෂ් ජා මහතා කටයුතු කර ඇත.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන ආර්ථික, සංස්කෘතික සහ සමාජයීය සබඳතා වඩා ශක්තිමත් කර ගැනීමට කැපවන බව ජනාධිපති කාර්යාලයේ තැන්පත් කර තිබූ සමරු සටහන් පොතේ සටහනක් තබමින් සන්තොෂ් ජා මහත් සඳහන් කර තිබේ.

ඉන්දු – ශ්‍රී ලංකා ඓතිහාසික මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීමට මෙන්ම වෙළෙඳ, ආයෝජන, බලශක්තිය ඇතුළු ක්ෂේත්‍ර රැසක දෙරට අතර පවතින සමීප සහයෝගීතාව තවදුරටත් ඉහළ නංවා ගැනීමට කැපවන බව ඉන්දීය නව මහකොමසාරිස්වරයා ප්‍රකාශ කර ඇත

දෙරටේ නායකයන් එකඟ වූ “දැක්ම” අනුව කටයුතු කිරීම තම අපේක්ෂාව බව සඳහන් කළ ඉන්දීය නව මහකොමසාරිස්වරයා, මෙම සහයෝගීතාවය රටවල් දෙකෙහි අන්‍යෝන්‍ය සමෘද්ධිය, ප්‍රගතිය සහ කලාපීය ස්ථාවරත්වයට හේතු වනු ඇතැයි ද විශ්වාසය පළ කරයි

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍යවරයා මෙන්ම වැඩබලන විදේශ කටයුතු අමාත්‍ය රමේෂ් පතිරණ සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page