කතරගම දේවාලයට පූජා කරන රත්‍රං කපු මහතුන්ට අයිති බවත් එබැවින් එයට ලැබුණු රන් තැටිය තමා රැගෙන ගිය බවත් ඓතිහාසික රුහුණු කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමිපාල ටී. රත්නායක කොළඹ අපරාධ කොට්ඨාසයේ විමර්ශන නිලධාරීන්ට පවසා ඇති බව වාර්තා වේ.

කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන 85 හැවිරිදි සොමිපාල ටී. රත්නායක ව සොයාගැනීමට පොලිසියට නොහැකි වූ අතර ඔහුගේ දියණියක් පසුගිය 23 වනදා කතරගම පොලිසියට පැමිණිල්ලක් කර තිබුණේ සිය පියා අතුරුදන්ව ඇති බව පවසමිනි.

දින කිහිපයක් අතුරුදන්ව සිටි ඓතිහාසික රුහුණු කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමිපාල ටී. රත්නායක අද (27) පෙරවරු 7.30ට පමණ කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණ භාර විය.

එහිදී සැකකාර කපු මහතා අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කර සැකකාර කපු මහතාව තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරුණි.

ඉන්දියාවේ සැඟව සිටියදී මියගිය පාතාල කල්ලි නායක අංගොඩ ලොක්කාගේ බිරිඳ විසින් ඓතිහාසික රුහුණු කතරගම දේවාලයට පවුම් 38ක බරින් යුත් රන් තැටියක් මීට කලකට පෙරදී පූජා කර තිබුණු අතර අදාළ රන් තැටිය අස්ථානගතවීම සම්බන්ධයෙන් කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිල්ෂාන් වික්‍රමරත්න ගුණසේකර මහතා 2021 ඔක්තෝබර් මාසයේදී පොලිස්පතිවරයාට පැමිණිල්ලක් කර ඇත.

ඒ පිළිබඳ විමර්ශන සිදුකෙරෙන පසුබිමක නීතිපතිවරයා දැනුම්දී තිබුණේ කතරගම දේවාලයේ ප්‍රධාන කපු ධුරය හොබවන සොමිපාල ටී.රත්නායක හා එම දේවාලයේ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ සමන් ප්‍රියන්ත නොහොත් චූටි කපු මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page