ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයේ මහ සමුළුව වේයන්ගොඩ නයිවල සණස සම්මන්ත්‍රණ ශාලා සංකීර්ණයේ දී විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජික සාමාජිකාවන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පවත්වනු ලැබීය.
විශ්ව විද්‍යාලීය ආචාර්යවරුන් , මහාචාර්යවරුන් හා විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජික සාමාජිකාවන් තුන් දහසකට වඩා වැඩි පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූ අතර එම සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ජයසිංහ සම්මන්ත්‍රණ ශාලා අංක 01 හා අංක 02 යන ශාලා දෙකම පිරී යාමෙන් පසුව එම පරිශ්‍රයේ පිටතද විශ්‍රාමක ත්‍රිවිධ හමුදා සාමාජික සාමාජිකාවන් රැඳී සිටි ඇත .
මේ අවස්ථාවට ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, නැගෙනහිර හිටපු ආඥාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත, විශ්‍රාමික රියර් අද්මිරාල් ප්‍රෙඩ් සෙනෙවිරත්න හා රංගන ශිල්පී රොඩ්නි වර්ණකුල යන මහත්වරු ද ඇතුළු විද්වතුන් පිරිසක් ප්‍රධාන ආරාධිතයන් වශයෙන් සහභාගි වි ඇත .
