අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 කෘෂි විද්‍යාව- 2 වන ප්‍රශ්න පත්‍රය පිළිතුරු ලිවීමට පෙර සමාජ මාධ්‍යයට මුදා හැර බව කියන අම්පාර ඩී.එස්.සේනානායක ජාතික පාසලේ කෘෂි විද්‍යා ගුරුවරයා ජනවාරි 26 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගත කිරීමට අම්පාර අතිරේක දිසාවිනිසුරු සහ මහේස්ත්‍රාත් චතුරිකා එම්. චන්ද්‍රතිලක අද නියෝග කර ඇත

විභාග දෙපාර්තමේන්තුව විසින් කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශන පවත්වාගෙන හෙළිවූ තොරතුරු මත සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගත් බව රහස් පොලිසියේ අධිකරණයට දන්වා ඇත .

අත්අඩංගුවට ගත් සැකකාර ගුරුවරයා 52 වන වියේ පසුවන අම්පාර, විජිතපුර ප්‍රදේශයේ පදිංචි දමින්ද ලක්මාල් නමැත්තා රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත .

කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රය ඉකුත් 10 වැනිදා පැවැති අතර එය විභාගයට පෙර සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වීම හේතුවෙන් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසූරිය මහතා එම ප්‍රශ්න පත්‍රය අවලංගු කිරීමට ද ඉදරි දිනයකදී වෙනත් ප්‍රශ්න පත්‍රය නැවත විභාගය සඳහා ඉදිරිපත් කිරීමට ද කටයුතු කර ඇත .

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page