මිලදි ගත් වාහන තමන්ගේ නමට ලියාපදිංචි නොකොට භාවිතා කරන පුද්ලයන්ගෙන් දඩ මුදලක් අය කිරීමට මෝටර් රථ ප්‍රවාහන දේපාර්තමෙන්තුව කටයුතු කරන බව සදහන් කරයි .
ඒ අනුව වාහනයක් මිලදීගෙන දින 14 ඇතුළත ලියාපදිංචි කළ යුතු බවත් ඉන් අනතුරුව සෑම දිනයක් සඳහාම රුපියල් සියයක දඩ මුදලක් අය කරන බවත් මෝටර් රට ප්‍රවාහන කොමසාරිස්වරයා සදහන් කර සිටි
මේ වන විට මාර්ග නීති කඩ කරන රියදුරන් සදහා ඒම රථයේ ලියාපදිංචි හිමිකරුවාට දඩ මුදල් අයකර ගැනීමේ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන බවත් මාර්ගවල ස්ථාපිත කැමරා පද්ධතිය ඔස්සේ දඩ පැනවීමේදී වාහන ලියාපදිංචි පුද්ගලයාට දඩ නියම වන බවද ඒ යටතේ පැවරීම් කර නැති වාහන විශාල ප්‍රමාණයක් හඳුනා ගැනීමට හැකි වනු ඇතැයි ද කියා සිටියේය.
