රටේ ජනාධිපතිවරයා ප්‍රධාන කැබිනට් මණ්ඩලය තීන්දුක් ගත්තාම රජයේ නිලධාරීන් එම තීන්දු තීරණ ක්‍රියාත්මක නොකර රට අර්බුදයකට තල්ලු කර ජනතාව අපහසුතාවයට පත් කිරීමෙන් පැහැදිලි වන්නේ ඔවුන්ගේ ත්‍රස්තවාදය බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සදහන් කර සිටියි.
රවී කරුණානායක මහතා මේ චෝදනාව එල්ල කර සිටියේ, කොළඹ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ය.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඔහු ….
මේ රටේ සියලු දෙනාට විශාල බදු මුදලක් ගෙවීමට සිදුව තිබෙන්නේ රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප්, දීමනා, වරප්‍රසාද සහ පහසුකම් වෙනුවෙනුයි. රාජ්‍ය සේවයේ යම් පිරිසක් අනිවාර්යෙන්ම වැඩ කරනවා. එහෙත් බහුතරයක් ඒ වැටුප්, දීමනා, වරප්‍රසාද සහ පහසුකම් ලබා ගෙන වැඩක් නොකර සිටිනවා.
මේ රටේ දේශපාලනඥන් සිටින්නේ 9000 ක් පමණ නමුත් රජයේ සේවක සේවිකාවන් ලක්ෂ 17ක් සිටිනවා. ඒ තරම් විශාල රාජ්‍ය සේවයක් රටකට අවශ්‍ය ද, රජයේ නිලධාරීන්ට වගකීමක් තිබෙනවා. නමුත් ඔවුන් එම වගකීම් ඉටු කරනවා ද…
බහුතරය දේශපාලඥයින්ව විවේචනය කළාට තීන්දු තීරණ ගන්නේ රජයේ නිලධාරීන්. ලංකා විදුලි බල මණ්ඩලයේ අනවශ්‍ය නාස්තිකාර වියදම් අඩු කළා නම් විදුලිය ගාස්තු සියයට විස්සකින් අඩු කළ හැකියි. රටක් ලෙස අප ආරක්ෂා කළ යුත්තේ ලංකා විදුලි බල මණ්ඩලයේ සේවක සේවිකාවන් 26,000 ද නොඑසේ නම් රටේ සිටින ලක්ෂ 220 ක් වූ ජනතාව ද.
බුද්ධි ගලනය නතර කිරීම සඳහා වෛද්‍යවරුන්ගේ සහ විශ්ව විද්‍යාල ප්‍රජාවගේ වැටුප් සහ දීමනා වැඩි කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන කැබිනට් මණ්ඩලය ඉතාම දූරදර්ශී තීන්දුවක් ගත්තා. නමුත් රජයේ නිලධාරීන් එම තීරණය ක්‍රියාත්මක නොකර කකුලෙන් අදිමින් සිටිනවා
රජයේ නිලධාරීන්ගේ මේ අත්තනෝමතික ක්‍රියාකලාපය රට-ජනතාව හමුවේ හෙළිදරව් කළ යුතුයි. රටේ ජනාධිපතිවරයා ප්‍රධාන කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගත්තාම ඊට ඊට එරෙහිව හෝ ඊට ඉහළින් හෝ එම තීන්දුව නොතකා හෝ ක්‍රියා කිරීමට රජයේ නිලධාරීන්ට හැකිද..මේ තත්ත්වයෙන් පැහැදිලි වන්නේ රජයේ නිලධාරීන්ගේ ත්‍රස්තවාදයයි.”
