ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ධාවනයෙන් ඉවත්කර තිබූ බස් රථ 200 ක්‌ ප්‍රතිසංස්කරණය කර නැවත ධාවනයට එක් කිරීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණය ආසන්නයේ ඊයේ (09) දින නැවත ධාවනයට එක් කරනු ලැබිය.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ ඇණිය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයකට අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ඇත .

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති බස් රථ නැවත ධාවනයට එක් කිරීමේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරු වන සිසිර ජයකොඩි, චාමර සම්පත් දසනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ජයන්ත කැටගොඩ, ගුණතිලක රාජපක්ෂ, ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු ලලිත් ද අල්විස්, ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් කුලතිලක යන මහත්වරු මෙන්ම ශ්‍රී ලංගම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරු ඇතුළු නිලධාරීහු රැසක් සහභාගි විය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page