සියලුම පොලිස් නිලධාරීන්ගේ ආහාර සහ නවාතැන් දීමනා හෙට (12) සිට වැඩි කිරීමට කටයුතු කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් වියානි ගුණතිලක සදහන් කරයි .
මෙම දීමනා වැඩිවීම අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක විමට නියමිත බවත් පළමු අදියරේ වැඩිවීම මාස හයක කාලයක් ක්‍රියාත්මක වනු ඇති බවත් එම මාස හය අවසන් වූ පසු දෙවන අදියර ඊළඟ මාස හයක කාලය තුළදී ක්‍රියාත්මක විමට නියමිත බවත් අමාත්‍යංශ ලේකම්වරයා පවසයි .
ඒ අනුව පොලිස් කොස්තාපල් නිලයේ සිට සැරයන් නිලය දක්වා රුපියල් 2,340 සිට 4,230 ත් අතර පරාසයක දීමනාවේ වැඩිවීමක් සිදු වේ..උප පොලිස් පරීක්ෂක සිට ප්‍රධාන පොලිස් පරීක්ෂක දක්වා නිලයන්ට රුපියල් 3,060 ත් රුපියල් 4,320 ත් අතර වැඩිවීමක් ලැබෙනු ඇත. සහකාර පොලිස් අධිකාරීවරයාගේ සිට පොලිස්පතිවරයා දක්වා එම වැඩිවීම රුපියල් 4140 කින් වැඩි වේ.
ඒ අනුව, පොලිස් නිලධාරීන්ට ගෙවනු ලබන ආහාර සහ නවාතැන් දීමනාව රුපියල් 18,930 සිට රුපියල් 25,140 දක්වා පරාසයක පවතිනු ඇත.
