‍මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට අද (12) අලුයම කඩාවැදුණු අවිගත් පුද්ගලයන් දෙදෙනෙකු වෙළෙඳසලක් කොල්ලකා පළාගොස් තිබේ.

වෙළෙඳසැලක් කොල්ලකෑමට පැමිණි පිරිසක් විසින් වෙඩිතැබීමෙන් එහි වෙළෙඳසල තුළ මුදල් අයකැමි ලෙස සිටි තරුණියගේ උදරයට වෙඩි උණ්ඩ 3ක් වැදී තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි වාර්තා වේ.

කොල්ලකරුවන් වෙළෙඳසැලේ උඩ ලාච්චුවේ තිබූ මුදල් කොල්ලකා ඇති අතර, යට ලාච්චුවේ තිබූ මුදල් ලබාගැනීමට යතුර ඉල්ලා අදාළ තරුණියට වෙඩි තබා ඇත.

කොල්ලය සිදුකළ වෙඩික්කරුවන් දෙදෙනා පසුව යතුරුපැදිය තල්ලු කරගෙන ඉදිරියට ගොස් පළාගොස් තිබේ.

කොල්ලකන ලද මුදල මෙතෙක් අනාවරණය වී නොමැති අතර තුවාල ලැබු තරුණිය මේ වනවිට හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටීන බවත් වෙඩි තැබීම සිදුවු වෙළෙඳසැල ඉදිරිපිට ආර්ථික මධ්‍යස්ථාන පොලිස් මුරපොළ පිහිටා ඇති බවත් වාර්තා වේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page