මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ශිරාන් බාෂික් නැමැත්තාගේ පුත්‍රයා වන නදිම් බාෂික් විසින් කොළඹ හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ සුපිරි නිවසක පවත්වාගෙන ගිය මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ මධ්‍යස්ථානය පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ඊයේ (18) වටලන ලදි.

ඒහිදි නදීම් බාෂික් නැමැත්තා පොලිස් විශ්ෂ කාර්ය බළකා නිලධාරීන්ගෙන් බේරී පලාගොස් ඇති අතර නදීම්ගේ ප්‍රධාන ගෝලයෙක් වූ කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රදේශිය සභාවේ හිටපු පොහොට්ටු මන්ත්‍රීවරයෙක් කෝටි 7ක දේපළ සමග අත්අඩංගුවට ගෙන ඇත .

මෙම මත්ද්‍රව්‍ය ජාවාරම් පවත්වාගෙන ගිය සුපිරි නිවසේ තිබී මත්ද්‍රව්‍ය බෙදාහරිනු ලැබූ පුද්ගලයන්ගේ නම් ලැයිස්තු අඩංගු පොතක් සහ පොලිස් නිලධාරීන් ඇතුළු විවිධ පුදගලයන්ට අල්ලස් මුදල් ලබාදුන් ලැයිස්තුවක් ද විශේෂ කාර්ය බළකා නිලධාරීන් අට පත්වී ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබුණේ ඉකුත් සිකුරාදා රාත්‍රී කාලයේදීය.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්. එච්. කේ. විජේසිංහ, සහකාර පොලිස් අධිකාරි සාගර කුලසේකර යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක නදීක සිල්වා මහතා ඇතුළු නිලධාරීන් විසින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබුණි.

වැල්ලවත්තේ හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ පවත්වාගෙන යන ශිරාන් බාෂික්ගේ කුඩු තිප්පළ වැටලීමට විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් රැකවල්ලාගෙන සිටියදී සැකකටයුතු මෝටර් රථයක් විශේෂ කාර්ය බළකායේ නිලධාරියකු ද යටකරගෙන එම නිවාස සංකීර්ණයේ රථගාල වෙත ගොස් ඇත.

ඒ අවස්ථාවේ ක්‍රියාත්මක වූ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් මුළු හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයම ක්‍ෂණිකව වටකර මෙම ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කළේය.

එහිදී ශිරාන් බාෂික්ගේ පුත්‍රයා වන නදීම් බාෂික් සහ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා මෝටර් රථයෙන් බැස පලාගොස් ඇත.

එහිදී විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්, හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට සමත් වූහ.

ඔහු සතුව තිබී වාහන 3 ක යතුරු සහ සුපිරි නිවසක යතුර සොයාගත් නිලධාරීන් එම නිවස පරීක්‍ෂා කර තිබේ.

රුපියල් ලක්ෂ තුනහමාරක මාසික කුලී පදනම මත ලබාගෙන තිබූ මෙම සුඛෝපභෝගී නිවසේ තිබී හෙරොයින්, විදේශ මුදල්, මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළ ලිපි ලේඛන, ඩුබයි රාජ්‍යයේ හැඳුනුම්පත් ඇතුළු තවත් භාණ්ඩ රැසක් සොයාගෙන ඇත.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page