මැණික් ව්‍යාපාරිකයෙක් රවටා රුපියල් බිලියන දෙකකට ආසන්න මුදලක් වංචා කර මාලදිවයිනේ සැඟව සිටි ශ්‍රී ලාංකිකයෙකු ඒරට දි අත්අඩංගුවට ගෙන මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන ඒ්කකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙරටට රැගෙන ඒන ලදි.
අදාළ සැකකරු මෙරට සිටියදී රුපියල් කෝටි 24ක් වංචා කර ඇති බවට ඔහුට එරෙහිව කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණිලි ලැබී තිබූ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා සූදානම් වනවිට සැකකරු සිය බිරිය හා පියා සමග මාලදිවයිනට පළාගොස් තිබුණි.
රුපියල් කෝටි 6ක, රුපියල් කෝටි 36ක, රුපියල් කෝටි 40ක ආදී වශයෙන් මුදල් වංචා සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව පැමිණිලි ලැබී තිබුණු අතර වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ජාත්‍යන්තර පොලීසිය හරහා සැකකරුට රතු වරෙන්තු නිකුත් කරනු ලැබීය.
සැකකරු සිය සංචාරක වීසා කාලය අවසන් වීම සමග නැවත වීසා කාල සීමාව දිගු කරගැනීම මාලදිවයිනේ ආගමන විගමන කාර්යලය වෙත ගොස් තිබියදි සැකකරු අත්අඩංගුවට පත්වී ඇත.
ඒ් අනුව සැකකරුව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් මෙරටට රැගෙන සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ, ඔහු සතුව මැණික් ඇති බවත් ඒ් සඳහා ආයෝජනය කරන ලෙස පවසා මැණික් ව්‍යාපාරිකයන් රවටා මුදල් වංචා කර ඇති බවය.
ඔහු දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කර එළැඹෙන 19 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ
