ජාතික ජන බලවේගය බලයේ සිටියා නම් IMF එකට නොගොස් ඉතාම පහසුවෙන් ආර්ථික අර්බුදය විසඳා ගත හැකි ඉඩකඩක් ලෝකය තුල විවෘතව තිබූ බව ජාතික ජන බලවේග ආර්ථික කවුන්සිලයේ සාමාජික මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසයි.
ඔහු මෙ බව සදහන් කලේ ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ මාධ්‍ය හමුවේදී ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනිල් ජයන්ත ප්‍රනාන්දු …
අද වන විට රටේ ආර්ථිකයට මෙවැනි තත්ත්වය ඇති වුණේ කොහොමද? එයට වගකිවයුත්තේ කවුරුන්ද ? එය විසඳාගත යුත්තේ කෙසේද? යන්න පිළිබඳ විධිමත් සාකච්ඡාවක් අරඹනවා වෙනුවට ඒ සියල්ලට වගකිවයුතු කණ්ඩායම විසින්ම මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ යන්න තිබෙන එකම පාර IMF බව ප්‍රකාශ කරයි.
IMF සමඟ ගනුදෙනු කිරීමට සුදුසු කණ්ඩායම ඔවුන් බවත් එම ගනුදෙනු ඉදිරියට ගෙනයෑම තුළින් මෙම ප්‍රශ්න විසඳිය හැකි බවත් සමාජය තුළ මිථ්‍යාවක් වපුරන බවත් මහජනතාව මුහුණ දෙන සැබෑ තත්ත්වය පැහැදිලි කරදිය යුතු බවත් ඔහු සදහන් කලා.
පසුගිය දශක දෙකේදී මේ රටේ ජාතික ජන බලවේග ආණ්ඩුවක් තිබුණා නම් මෙවන් අර්බුදයකට රටට මුහුණ පෑමට සිදුවන්නේ නැති බවත් රට විශාල සංවර්ධනක් අත්පත් කර ගන්නා බවත් ඔහු සදහන් කලා.
ඒසෙනම් IMF කතාවක් අදාළ වෙන්නේ නැති බවත් ඔවුන්ගේ දූෂිත ක්‍රමය තුළ තිබෙන්නේ එකම විසදුමක් IMF බවත් සදහන් කල.
අපිට මේ ප්‍රශ්නයේදී මහජනතාවගෙන් වරමක් ඉල්ලන්න සිදුවෙනවා. නැවතත්
IMF එකත් එක්ක සාකච්ඡා කර, විශේෂයෙන්ම ඉහළ මට්ටමේ තිබෙන විචල්‍යයන් පාලනය කරන්නෙත්, ආණ්ඩුවේ පිස්කල් කළමනාකරණය කරන්නේත් කොහොමද කියා සැලසුම් කිහිපයක් අප සකස් කොට තිබෙනවා.
විශේෂයෙන් ආණ්ඩුවේ ආදායම සකස් කර ගන්නා ආකාරය, විදේශ විනිමය උපයා ගන්නා ආකාරය කොහොමද කියන එක වගේම මේ ගත්ත ණය පිළිබඳව විමර්ශනයක් කොට ඒ පිළිබඳ පරීක්ෂණ වාර්තාවක් සමඟ අනාගතයේදී රටේ ආර්ථිකය දියුණු කරන සංවර්ධන සැලැස්මක් එක්ක ඔවුන් එක්ක නැවත සාකච්ඡාවක් කරන්න අපට පුළුවන්කම තිබෙන බවත් ඔහු සදහන් කලා.
