කොළඹ සිට මීරිගම දක්වා වූ ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ මගලේගොඩ සහ බෙම්මුල්ල අතර කොටසේ කණු මත ඉදිවන මාර්ගයේ දැවැන්ත කොන්ක්‍රීට් බාල්කයක් කඩා වැටීමට ලක්ව ඇත.

පසුගිය (04 දා) පස්වරුවේ මෙම දැවැන්ත කොන්ක්‍රීට් බාල්කය කඩා වැටීම සිදුවු අතර මෙයින් කිසිවකුටත් හානි සිදුවී නොමැති බව සදහන් …

මධ්‍යම අධිවේගී මාර්ගය ඇතැම් ස්ථානවලදී ප්‍රධාන මාර්ග සහ අතුරු මාර්ගවලට ඉහළින් ගමන් කරන අතර එවැනි ස්ථානයකදී මෙලෙස කොන්ක්‍රීට් බාල්කයක් කඩා වැටුණේ නම් ඉන් ජීවිත හානිද සිදුවීමට ඉඩ තිබූ බව ප්‍රදේශවාසීහු සදහන් කරයි .

අධිවේගී මාර්ගය ඉදිකරමින් පවතින අතරතුර කණුමතින් දිවෙන කොන්ක්‍රීට් බාල්කයක් මෙලෙස කඩා වැටෙන්නේ නම් අධිවේගී මාර්ගය ඉදිකිරීමෙන් අනතුරුව එහි රථ වාහන ධාවනය කිරීම ඉතා අනතුරුදායක බව ඒහි ප්‍රමිතිය ගැන බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බවත් ප්‍රදේශවාසීහු පවසයි ..

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page