ආණ්ඩුව සැලසුම් කරලා තිබුණේ පිල්ලෙයාන්ව රැඳවුම් නියෝග මත රඳවා ගෙන ඉන්න අතරේ පිල්ලෙයාන් පාපෝච්චාරණ කළ විධියට තමන්ගේ හිතේ ඉන්න කෙනා මහ මොළකරු බවට ප්‍රකාශ කරන්න යැයි… පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල ඊයේ (අප්‍රේල් 21) පැවති මාධ්‍ය හමුවේදී සඳහන් කර ඇත.

පිල්ලෙයාන්ව අත්අඩංගුවට ගෙන කිසිවෙකු හමුවිමට නොදි රඳවා ගැනිම නිසා නීතියෙන් හිමි නීතිඥවරයෙකුගේ සහාය ලබා ගැනීමට පිල්ලෙයාන්ට අවස්ථාව නොදුන්නේ ඒ නිසා බවත් ඔහු සඳහන් කරයී .

එහි දි වැඩිදුරටත් අදහස් දැක්වූ…ඔහු…

“ජනාධිපති සඳහන් කලේ අත්අඩංගුවට ගත්තේ පාස්කු දා ප්‍රහාරයට කියලා. හැබැයි කර්මාන්ත ඇමැති කියනවා පාස්කු දා ප්‍රහාරයට නොවේ මහාචාර්යවරයෙකු අතුරුදන් වීමකට කියලා. පොලිස් ඇමති පාර්ලිමේන්තුවට කිව්වේ පිල්ලෙයාන් පාස්කු දා ප්‍රහාරය ගැන වැදගත් තොරතුරු හෙළි කරමින් ඉන්නවා කියලා.

ඒ පොලිස් ඇමැතිගේ ප්‍රකාශයට සමගාමීව තමයි මාලිමාවේ කුලී සමාජ මාධ්‍යකරුවන් ‘පිල්ලෙයාන් සියල්ල වමාරයි’, ‘පිල්ලෙයාන් පාස්කු දා ප්‍රහාරයට සම්බන්ධයි’ වැනි සිරස්තල හැදුවේ. ඒ වගේ ම මාලිමාවෙන් නඩත්තු වෙන පුද්ගලයන් ලවා මාධ්‍ය හමු පවත්වමින් මේ මතය සමාජගත කරන්නේ”

පොරොන්දු වූ දිනයට පෙර පාස්කු දා ප්‍රහාරයේ මහා මොළකරුවන් හෙළිදරව් කර ගැනීමට නොහැකිව ආණ්ඩුව විපතට පත්ව සිටින නිසා තම සමාජ මාධ්‍ය නාළිකාවල නරඹන්නන් වැඩි කර ගැනීමට පාස්කු දා ප්‍රහාරයේ විමර්ශන ගැන විශ්ලේෂණය කරන එන්.ජී.ඕ. නඩවල සිටින යූටියුබ්කරුවන්ට තමන් දන්නා තොරතුරු පොලිසිය හමුවේ පවසන්නැයි ද පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page