ඊයේ (18) දින ස්පාඤ්ඤයේ අධිවේගී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයින් 21ක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් තවත් විශාල පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවත් වාර්තා වේ…
කොර්ඩෝබා නගරයට ආසන්නව පිහිටි ඇඩමුස් නගරය අසලදී මෙම සිදුවීම සිදුව ඇති අතර මාලගා සිට මැඩ්රීඩ් දක්වා ගමන් කරමින් තිබූ අධිවේගී දුම්රියක් පීලි පැන අසල මාර්ගයකට කඩා වැටී ඇති බවත් සදහන් වේ.
අනතුරින් මැඩ්රිඩ් සහ ඇන්ඩලූසියා අතර සියලුම දුම්රිය සේවා අත්හිටුවා ඇති බවත් මාලගා සිට ධාවන වූ දුම්රිය තුළ මගීන් 300කට ආසන්න සංඛ්‍යාවක් සිට ඇති බවත් වාර්තා වේ.
