බෞද්ධ ජනතාව සිල් සමාදන් වන ස්ථාන සම්බන්ධයෙන් තීරණය කිරීමට ජනපතිට අයිතියක් නොමැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසයි…
ඔහු මේ බව සදහන් කලේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට නාරාහේන්පිට පිහිටි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහනායක අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල නාහිමියන් බැහැදුටු අවස්ථාවේදීය…
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මෙ වන විට මතුවී ඇති ගැටලු සම්බන්ධයෙන් හා දරුවන්ටත් සමාජයටත් එයින් ඇති විය හැකි භායනක අහිතකර විපාක ගැන උන් වහන්සේ දැනුවත් කලා..
