ආණ්ඩුව සිදුකරන වැරදි හා අඩුපාඩු වලට ඒල්ලව චෝදනා රජයේ නිලධාරීන් වෙත පටවා දේශපාලකයන් ඇඟ බේරා ගන්නට දරන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක පවසයි..

ඊයේ (20දා) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වු ඔහු වැඩිදුරටත් සදහන් කලේ……….

සමගි ජනබලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අනාගතයේදී එකට ඒකතු වී වැඩ කළ යුතුයි යන යෝජනාව සඳහා සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ එකඟතාවය පළ කර ඇති බවය…

. එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය අතර පැවැත්වෙන එඟතාවයන් සහ සාකච්ඡාවන් මෙහෙයවීම සජිත් ප්‍රේමදාස මහතා වෙත කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් පවරනු ලැබුවා.

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය අතර සාකච්ඡාවන් සෘජු ලෙසම සජිත් ප්‍රේමදාස මහතාගේ අධීක්ෂණයත් මැදිහත්වීමත් මත සිදුවෙනවා.

ඒ අනුව මෙතෙක් ඇති කරගෙන තිබෙන සාකච්ඡාවන් සුභවාදීව සිදුවෙනවා. කෙසේ නමුත් සමගි ජනබලවේගයේත් එක්සත් ජාතික පක්ෂයේත් සාමාජිකයන්ගේ බලාපොරොත්තුව වන්නෙත් පක්ෂ දෙකේ එකතුවීමයි.

සමගි ජනබලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක් පක්ෂයක් බවට පත් කිරීමයි අභියෝගයකි..

ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පෙර පක්ෂ දෙක එකට කටයුතු කළ යුතුයි.

පළාත් පාලන මැතිවරණයෙන් පසු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී සමගි ජනබලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතුවෙලා තීරණාත්මක තීන්දු ලබා ගන තිබෙනවා.

කෙසේ නමුත් ආරම්භ පියවර වන්නේ සන්ධානගත දේශපාලනයක් ආරම්භ කිරීමයි. අනාගතයේදී පක්ෂ නායකයින් දෙපළ මේ සම්බන්ධයෙන් තීරණයකට පැමිණෙයි. මහජනතාව අපේක්ෂා කරන තැනට පැමිණෙන්න පක්ෂ නායකයන් දෙපළට යම් කාල සීමාවක් ලබාදිය යුතුය.

නොරොච්චෝල විදුලි බලාගාරය සඳහා අවශ්‍ය ගල් අඟු‍රු ගෙන්වීම සම්බන්ධයෙන් දූෂිත ක්‍රියාදාමයක් සිදුවෙලා තිබෙනවා. ඒ වගේම විශාල මූල්‍ය අක්‍රමිකතාවයක් මේ හරහා සිදුවෙලා තිබෙනවා. මෙය ආණ්ඩුවට එල්ලවන බරපතල චෝදනාවක්. මිලියන 750 ත් 800 ත් අතර විශාල මූල්‍ය වංචාවක් සිදුවී තිබෙන බව වාර්තා වෙනවා. නොරොච්චෝල විදුලි බලාගාරය සඳහා අවශ්‍ය ගල් අඟු‍රු ගෙන්වීම සිදුවන්නේ අප්‍රේල් මාසයට පෙරයි. නමුත් මෙවර ගල් අඟු‍රු ටෙන්ඩර් කැඳවීම ජූලි මාසය දක්වා කල් දමන්න රජය කටයුතු කර තිබුණා. ඒ අනුව ටෙන්ඩර් ක්‍රියාවලියට පාර්ශ්ව ගණනාවකට ඇතුළත් වෙන්න රජය අවස්ථාව ලබාදී තිබෙනවා. මෙය වැරදි ක්‍රියාවක්. ටෙන්ඩර් කැඳවීමේ ක්‍රියාවලිය කාගේ හෝ අවශ්‍යතාවයක් මත කල් දමා අලු‍ත් සමාගම් දෙකකට ටෙන්ඩර් ක්‍රියාවලියට ඇතුලත් වෙන්න අවස්ථාව ලබාදී තිබෙනවා. ඒ සමාගම්වලට ටෙන්ඩර් ක්‍රියාවලියට ඇතුළත් වීමට තිබෙන මූලික සුදුසුකම් වෙනස් කරන්නත් ආණ්ඩුව කටයුතු කර තිබුණා. කෙසේ නමුත් අලු‍ත් සමාගමකට ටෙන්ඩර් පටිපාටියේ තිබෙන කොන්දේසි ලිහිල් කර ටෙන්ඩරය ප්‍රදානය කිරීම බරපතල ප්‍රශ්නයක්.

වර්තමාන ආණ්ඩුවටත් ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් චෝදනාවක් එල්ල වෙනවා. ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව කිසිදු පියවරක් ගෙන නැහැ. මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ගණනාවක් ඉදිරිපත් වෙලා තිබුණත් ඒ සම්බන්ධයෙන් නිසිපියවරක් ගන්න තවමත් කටයුතු කරලා නැහැ. කෙසේ නමුත් මෙම සිද්ධියට වගකිය යුතු පුද්ගලයන්ට එරෙහිව ආණ්ඩුව වහාම පියවරක් ගත යුතුයි. ඒ වගේම ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වා තිබෙනවා නම් ඒ සඳහා ඇමැතිවරයා, ලේකම්වරයා, නිලධාරීන් වගකිව යුතු බව නලින්ද ජයතිස්ස ඇමැතිවරයා විපක්ෂයේ සිටින විට ප්‍රකාශ කළා. නමුත් වර්තමාන ආණ්ඩුව යටතේ ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වීමේ වගකීම නිලධාරීන් පිට පටවන්න ජාතික ජනබලවේග රජය කටයුතු කර තිබෙනවා. පසුගිය ආණ්ඩුවලින් දුන්න පූර්වාදර්ශ පිළිබඳව අවදානය යොමු කරන්නැයි රජයේ මැති ඇමැතිවරුන්ගෙන් සමගි ජනබලවේගය ඉල්ලා සිටිනවා.

කෙසේ නමුත් වර්තමාන ජාතික ජනබලවේග ආණ්ඩුව බොරුවෙන් සහ වංචාවෙන් ගමන් කරන බව සනාථ වී තිබෙනවා.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අඩුපාඩුවක් ඇතිවී තිබෙන බව ජනාධිපතිවරයා සහ ඇමැති මණ්ඩලය පිළිගෙන තිබෙනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්පූර්ණයෙන් සංශෝධනයට ලක්විය යුතු බව රජය පිළිගෙන තිබෙනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සංශෝධනය විය යුතුයි යන්න රටේ පාලනය කරන කණ්ඩායම පිළිගන්නවා නම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව කියමින් උද්ඝෝෂණය කරන පිරිස් කාගේ අවශ්‍යතාවයකටද ඒ දේවල් සිදුකරනවාදැයි සොයා බැලිය යුතුයි. ඒ වගේම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව විරෝධයක් තිබුණා නම් ඒ සම්බන්ධයෙන් ඇමැති මණ්ඩලයේදී කරුණු ඉදිරිපත් කරන්න තිබුණා. නමුත් එලෙස ඉදිරිපත් වෙලත් නැහැ. ඒ වගේම ජනතාවගේ හඬට සවන් දීලා ජනාධිපතිවරයා මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සංශෝධනය කරන ලෙස දන්වා තිබෙනවා. ඒ අතරතුර අධ්‍යාපන ඇමැතිවරිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල කිසිදු අඩුපාඩුවක් නැති බව ප්‍රකාශ කරනවා. ඒ වගේම අවසානයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් වැරදිකරුවන් බවට පත්ව තිබෙන්නේ රජයේ නිලධාරින්. අමාත්‍යාංශයේ අඩුපාඩුවක් සිදුවී තිබෙනවා නම් එහි වගකීම විෂය භාර ඇමැතිවරයා භාර ගත යුතුයි. නමුත් වර්තමාන ආණ්ඩුවේ ඇමැතිවරු වගකීම් භාර නොගෙන රජයේ නිලධාරීන් පිට වරද පටවන්න කටයුතු කරනවා. වැරදි හදන්නවත් වගකීම් භාර ගන්නවත් ආණ්ඩුවේ ඇමැතිවරු කටයුතු කරන්නේ නැහැ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page