ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ නියෝජිත කණ්ඩායමක් ලබන සතියේ ශ්‍රී ලංකාවේ නිල වශයෙන් පැමිණීමට නියමිතය.
ශ්‍රී ලංකාව දැනට ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන් පිළිබඳව වත්මන් ප්‍රගතිය සොයා බැලීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණයි.
ජුනි 24 වනදා සිට 30 වනදා දක්වා පැවැත්වෙන මෙම කාර්ය මණ්ඩල සංචාරය සඳහා IMF හි ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී ඊවන් පැපජෝර්ජියු (Evan Papageorgiou) ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්වීමට නියමිත බව සඳහන් වේ.
