අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් පවතින මානුෂීය ගැටලු සඳහා මැදිහත් වන ලෙස ඉල්ලා ඔහුගේ පවුලේ ඥාතීන් ශුද්ධෝත්තම ලියෝ පාප් වහන්සේ වෙත අද (23) ලිපියක් යොමුකර ඇත.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටියදී ශාරීරික හා මානසික පීඩාවන් වලට මුහුණදීම හේතුවෙන් ඔහු උපවාසයක් ආරම්භ කිරීමෙන් පසු යහපත් සෞඛ්‍ය තත්ත්ව හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු ලැබිය.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා තවදුරටත් එහි ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහු ජාතික රෝහලට ඇතුළත් කර අදට දින 16 ක් සම්පූර්ණ වී ඇත.
සුරේෂ් සලේ මහතා සම්බන්ධව ශ්‍රී ලංකා කතෝලික සභාවේ පියතුමන් කිහිප දෙනකුම ප්‍රවෘත්ති සාකච්ඡාවලදී අදහස් දක්වා ඇති වාතාවරණයකදී ඊට අදාළ ලිපිය ශ්‍රී ලංකාවේ ශුද්ධෝත්තම පියතුමාගේ නියෝජිත අපෝස්තලික නන්සියෝ රදගුරුතුමා වෙත භාරදීම අද පෙරවරුවේ සිදුකෙරුණි.
