පසුගියදා නවගමුව, බෝමිරිය ප්‍රදේශය් ඇතිවූ සිදු වීමත් සමග
විහාරස්ථානවල ඇතිවන සිදුවීම් ප්‍රචාරණය කිරීම හා සමාජ මාධ්‍යයන්ට මුදාහැරීම සිදු කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සිදුවන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විදාරණපතිරණ මහතා පවසයි.
මෙ මගින් අනවශ්‍ය ලෙස සමාජ කැළඹීම් ඇතිවන බැවින් එවන් සිදුවීම් සම්බන්ධයෙන් දැඩ් පියවර ගනිම අවශ්‍ය බවත් කියා සිටි.
පසුගිය දා සිද්ධියේදී භික්ෂුවට සහ කාන්තාවන් දෙදෙනාට පහරදීම වැරදි බවත් එවන් සිදුවීම් සමාජ මාධ්‍යයට මුදාහැරීමේදී වඩාත් විමසිලිමත් විය යුතු බවත් ඒ මහතා අවධාරණය කළේය.
එමෙන්ම අදාළ භික්ෂුව සම්බන්ධයෙන් තීරණයක් ගත යුත්තේ මහානායක හිමිවරුන් විසින් බව පැවසූ අමාත්‍යාංශ ලේකම්වරයා ඊට බුද්ධශාසන අමාත්‍යාංශය මැදිහත් නොවන බවත් ප්‍රකාශ කළේය.
