ඉන්දීය රජය සහ ශ්රී ලංකා රජය අතර සත්ව පාලනය සහ කිරි නිෂ්පාදන ක්ෂේත්රයේ සහයෝගීතාවට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ශ්රී ලංකාවේ කිරි නිෂ්පාදන වල ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම, කිරි නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත කිරීම සහ කුඩා පරිමාණ කිරි ගොවීන්ගේ ආදායම ඉහළ නැංවීම යන ඉලක්ක ඉටුකර ගැනීම සඳහා එක්ව කටයුතු කිරීම පිණිස ඉන්දීය රජය සහ ශ්රී ලංකා රජය අතර මෙම සහයෝගීතා ප්රකාශයට අත්සන් තැබෙයි.
ඒ වෙනුවෙන් කෙටුම්පත් කර ඇති ඒකාබද්ධ අභිප්රාය ප්රකාශයට නීතිපතිවරයාගේ අනුමැතිය ලැබී ඇතැයි රජය පවසයි.
