මිලියන 22 කගේ නිදහස් සෞඛ්‍යය විනාශ කරන්න මේ කුමන්ත්‍රණ සිදු වන බවත් එයට මුහුණ දිමට තමන් සූදානම් බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි .
රටට නිවැරදි තත්ත්වයන් ඉදිරිපත් කරන්න කිසිවෙකුටත් බැරි බවත් , ඒ සම්බන්ධව ඉන්න අති විශිෂ්ට විශේෂඥයෝ අද එම කර්තව්‍ය භාරගෙන ඉන්නා බවත් අමාත්‍යවරයා පවසයි .
රෝසමල් යහනාවක යන ගමනක් නොවන බවත් මෙය ඉතාමත් අභියෝගාත්මක දෙයක් බවත් අමාත්‍යවරයා පැවසීය.
සුළු පිරිසක් ඇවිත් කිව්ව පළියට අස්වෙන්න හේතුවක් නැති බවත් මිලියන 22කගේ නිදහස් සෞඛ්‍යයට මේ ගහන ප්‍රහාරයට මුහුණදෙන්න මම සුදානම් යැයි ඔහු පැවසීය .
