සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව සමගි ජන බලවේගය විසින් අත්සන් කෙරුණු විශ්වාසභංග යෝජනාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (21) බාර දෙන ලදි.
සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහත්වරුන් විසිනි සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි මෙම විශ්වාසභංග යෝජනාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 45 දෙනකු අත්සන් තබා බාර දෙන ලදි.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කඩාවැටීමට සෞඛ්‍ය අමාත්‍යවරයා වගකිව යුතු බවට මෙම විශ්වාසභංගයෙන් චෝදනා නගා ඇත.
දිවයිනේ විවිධ රෝහල්වලදී පසුගිය දිනවල සිදු වූ පුද්ගලයන් කිහිප දෙනකුගේ හදිසි මරණ සම්බන්ධයෙන්ද රටේ ආන්දෝලනාත්මක තත්වයක් ඇති වු අතර මේ සම්බන්ධයෙන්ද විපක්ෂයේ මන්ත්‍රීවරු සෞඛ්‍ය අමාත්‍යවරයාට චෝදනා කළහ.
