ඉන්දියාව විසින් විදේශීය රටවලට සහල් අපනයනය කිරීම තහනම් කිරීමත් සමගම ඇමරිකා එක්සත් ජනපදයේ සහල් අලෙවි කරන සුපිරි වෙළෙඳසල් ඉදිරිපිට ඉන්දීය ජාතිකයන් ඇතුළු සහල් පරිභෝජනය කරන ආසියාතිකයන්ගේ දිගු පෝලිම් දක්නට ලැබෙන බව ඉන්දීය මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.

ඉන්දීය රජය විසින් දේශීය සහල් සැපයුම ස්ථාවර කිරීමේ අරමුණින් විදේශීය රටවලට බාස්මති සහල් හැර සෙසු සුදු පැහැති සහල් වර්ග අපනයනය කිරීම තහනම් කිරීම හේතුවෙන් ඇමරිකාවේ සුපිරි වෙළෙඳසල්වල එම සහල්වල හිඟයක් මතුව ඇති අතර ඒ හේතුවෙන් ඒවායේ මිල ගණන්ද ඉහළ ගොස් ඇත.

මෙම තත්ත්වය මත සුපිරි වෙළෙඳසල්වලට එක් රොක් වී ඇති ඉන්දීය ජාතිකයන් සහල් මලු තොග වශයෙන් මිලදී ගෙන යෑමට පෙළඹී ඇති බවත් ඉන්දීය සුපිරි වෙළෙඳසල් ඉදිරිපිට ඒ සඳහා දිගු පෝලිම් නිර්මාණය වී ඇති බවත් වාර්තා වී තිබේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page