ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පසුගිය ජූනි මාසයේ සිදු කළ තෙදින ඇමෙරිකානු නිල සංචාරයේදී ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සමග පැවති සාකච්ඡාවේදී චීනය සහ එහි නායක ෂී ජින්පින් සම්බන්ධයෙන් වැඩි කාලයක් සාකච්ඡා කළ බව ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙක් විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත.
අගමැති මෝදි සහ ජනාධිපති බයිඩන් අතර ඕවල් කාර්යාලයේ දි පැවති සාකච්ඡාව චීනය ගැන පමණක් කතා කිරීමට කටයුතු කලායැයි කිම වඩා නිවැරදි බව ඔහු සඳහන් කරයි.
චීන ජනාධිපතිවරයා සමග ලැබූ අත්දැකීම් පිළිබඳව පැවසු ඔවුන් දෙදෙනාම දිගු කලක් තිස්සේ චීන ජනාධිපතිවරයා හඳුනන බවද කිවාය.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ එක්සත් ජනපදයේ රාජ්‍ය සංචාරය ජුනි 21 සහ ජුනි 23 යන දින තුනම ජනාධිපති බයිඩින් හමුවිම වෙනුවෙන් යොදා ගත් අතර
ජූනි 22 දින එක්සත් ජනපද ජනාධිපතිවරයා උදෑසන ධවල මන්දිරයේදී අගමැතිවරයා පිළිගනු ලැබිමෙන් පසුව සවස රාජ්‍ය රාත්‍රී භෝජන සංග්‍රහයේදී ද දෙදෙනා පැය අටකට වැඩි කාලයක් එකට කාලය ගත කළහ.
චීනය ඔවුන්ට ප්‍රධාන ජාතික ආරක්ෂාව තර්ජනයක් වන බව ඉන්දියාව සහ එක්සත් ජනපදය යන දෙකම විශ්වාස කරති.
බීජිං පාලනය සම්බන්ධයෙන් නව දිල්ලිය වොෂින්ටනයට වඩා ඉදිරියෙන් සිටින බව ජනාධිපති බයිඩන් පරිපාලනය සිතන බව එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා පැවසීය.
සිවිල් ආරක්ෂාවල ප්රජාතන්ත්රවාදය සහ මානව හිමිකම් පිළිබඳ උප රාජ්‍ය ලේකම් උස්රා සේයා සති කිහිපයකට පෙර දලයි ලාමා සමඟ නව දිල්ලියේදී හමුවක් පැවැත්වූ අතර චීන ජනතාව ඒ ගැන දැඩි අවධානයක් යොමු කළ බව ද එම නිලධාරියා සඳහන් කළේය.
