ඉරානයට මේ වනවිට අසාමාන්‍ය, දැඩි උණුසුම් කාලගුණයකින් පවතින බව වාර්තා වේ.

දැඩි උණුසුම් කාලගුණය හේතුවෙන් රට තුළ සෞඛ්‍ය ගැටලු මතු වී ඇති බව පැවැසෙයි.

කුඩා දරුවන්ට සහ වැඩිහිටියන්ට වයෝවෘද්ධයන්ට එලිමහනේ රැඳී සිටීමන් වැළැකිය යුතු යැයි ඉරාන සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව, ඉරාන රජය අද (2) සහ හෙට (3) දෙදින විශේෂ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වේ.

ඉරාන කාලගුණ විද්‍යාඥයන් පෙන්වා දී ඇති අන්දමට එරට දෛනික උෂ්ණත්වය මේ වනවිට සෙල්සියස් අංශක 51 තෙක් ඉහළ ගොස් තිබේ.

දැඩි උණුසුම නිසා රෝගී වන පුද්ගලයන්ට කඩිනමින් අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට රෝහල් සියල්ල සීරුවෙන් තබා ඇතැයි ඉරාන රජයේ ප්‍රකාශක අලී බහධූරි ජරෝමි පවසා ඇත.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page