වැටුප් ගැටලු ඇතුළුව ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය ඊයේ (24) පස්වරුවේ පැලවත්ත බුද්ධදාස ක්‍රිඩාංගනය අසල විරෝධතාවක් සංවිධානය කර තිබුණා.
ඒහිදි රැස්වු විරෝධතාකරුවන් ඉසුරුපායට පැමිණීමට උත්සාහ කල අවස්ථාවේ දි ඒය විසුරුවා හැරිමට පොලිසිය ජල හා කඳුළු ගෑස් යොදා ගත් අතර පොලිසිය හා ගුරු විදුහල්පතිවරුන් අතර උණුසුම් තත්ත්වයක් ඇති වූ බව වාර්තා වේ.
ජල හා කඳුළු ගෑස් ප්‍රහාරය මද්දේ පැමිණි ගුරු හා විදුහල්පතිවරුන් 10 දේනෙකට අධ්‍යාපන අමාත්‍යාංශයේ සකච්චාවකට අවසර ලැබුණු පසු උද්ඝෝෂකයන් ඒම ස්ථානයෙන් පිටත්ව ගිය අතර නොවැම්බර් 3 වන දිනට පෙර විදිමත් සාකච්ඡාවක් ලබා දිය යුතු බව සදහන් කරන ලදි.
