ත්‍රිපිටක ධර්මයට හා බුද්ධ චරිතයට අපහස වන පරිදි සිදුකරන අනර්ථ දේශනයන් සිදු කිරීමෙන් වළකින ලෙස පිටිදූවේ සිරිධම්ම හිමියන්ට දැඩි ලෙස අවවාද කළ බව මල්වතු පාර්ශවයේ මහා ලේඛකාධිකාරී පහමුණේ ශ්‍රී සුමංගල හිමියන් අද (01) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් අවධාරණය කළේය.

පිටිදූවේ සිරිධම්ම හිමියන්ව මල්වතු පාර්ශවයේ මහනායක හිමිපාණන් වහන්සේ ඇතුළු සානු නායක කාරක සංඝ සභාව හමුවට ඊයේ (31) කැඳවා ත්‍රිපිටක ධර්මයත් බුද්ධ චරිතයත් විකෘතියට පත්කරමින් සිදුකරගෙන යන අනර්ථ දේශනා වහාම නතර කරන ලෙස උන්වහන්සේට දැඩි ලෙස අවවාද කර ඇත .

එහිදී පිටිදූවේ සිරිධම්ම හිමියන් මල්වතු මහනායක හිමිපාණන් ප්‍රමුඛ සානු නායක කාරක සංඝ සභාව ඉදිරියේ ප්‍රකාශයක් සිදුකරමින් උන්වහන්සේ පසුගිය කාලයේ සිදු කළ දේශනා චේතාන්විතව සිදුකළ ප්‍රකාශයන් නොවන බවත් ඒ හේතුවෙන් සමස්ත බෞද්ධ ජනතාවට සිදු වූ චිත්ත පීඩාවන් වෙනුවෙන් මල්වතු මහනායක හිමිපාණන් ප්‍රමුඛ කාරක සංඝ සභාවේ පාද නමස්කාර කොට සමාව ගන්නා බවත් මහා විහාර සම්ප්‍රදායන්ට පරිබාහිරව කිසිදු ධර්ම විග්‍රහයක් ඉදිරිපත් නොකරන බවට ද ප්‍රතිඥා දුන් බව මහා ලේඛාධිකාරි හිමියන් පවසයි

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page